Friday, May 6, 2016

බේකර්ස් ඇල්ල (ගෝනගල ඇල්ල)


නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හෝර්ටන් තැන්නේ පිහිටා ඇති ඉමහත් ප්‍රසිද්ධ දියඇල්ලකී. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක දුරින් බේකර්ස් දිය ඇල්ල පිහිටා ඇත. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමට ඔහිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 13 1/2 කී. එසේම පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 14 කී. හෝර්ටන් තැන්නේ ආරම්භක ස්ථානයේ සිට කිලෝමීටර 3ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල දැකගත හැකි වන අතර හෝර්ටන් තැන්න ආරම්භක ස්ථානයේ සිට පුංචි ලෝකාන්තය හරහා ගියහොත් කිලෝමීටර 7ක් පමණ ගිය විට බේකර්ස් ඇල්ල දැකගත හැක.


බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ. මෙම දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර්ස් ගේ නාමයෙන් නම් කර ඇත්තේ මෙම දිය ඇල්ල ඔහු විසින් 1845 වර්ෂයේදී 
සොයාගත් නිසාය.ඔහු මෙම ස්ථානයේ කෘෂිකර්මාන්තයට සම්භන්ධ කටයුතු කිරීමට ගිය අවස්ථාවක මෙම දිය ඇල්ල සොයා ගැනීමට හැකි වූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.  

ලංකාවට ආවේනික බෝහෝ මත්ස්‍ය වර්ග මේ ඇල්ල නිසා හෝර්ටන් තැන්නට විතරක් සීමා වෙලා තියෙනවා.බොහොම ලස්සන පරිසරයක පිහිටල තියෙන මේ දියඇල්ල විවිධ කෝණ ගනනාවකින් අපට බලා ගන්න වගේම ඡායාරෑපවලට නගන්නත් පුලුවන්.නුවරඑළිය නගරයේ සංචාරය කරන ඔබට පට්ටිපොල හරහා හෝර්ටන් තැන්නට ඇතුල් වෙන්නත් බණ්ඩාරවෙල පැත්තෙන් බොරලන්ද,ඔහිය හරහා  හෝර්ටන් තැන්නට ඇතුල් වෙන්නත් පුලුවන්.බේකර්ස් ඇල්ල වගේම ලෝකාන්තය,කුඩා ලෝකාන්තය,කිරිගල්පොත්ත කන්ද,තොටුපල කන්දත් මේ ගමනේදි අතරමග මුණ ගැහේවි.


 බේකර්ස් ඇල්ලට යන මාර්ගය ඉතා අලංකාර මෙන්ම ජෛවවිවිධත්වයෙන් යුත් මාර්ගයකි. ගොන්නු වැනි නිතර දැක ගත නොහැකි සතුන් පහසුවෙන් මෙහිදී දැකගත හැකි වන අතර කිලෝමීටර ගණනාවක් පයින් යාමට සිදු වුවද එය එතරම් අපහසු කාර්යයක් නොවන්නේ එහි ඇති සුන්දරත්වය නිසාවෙනි. බේකර්ස් ඇල්ල දිය ඇල්ල වටා ප්‍රදේශය කළුගල් වලින් බහුල වන අතර ඒවා මත හිදගෙන ගමන් වෙහෙස නිවා දැමීමට බොහෝ සංචාරකයින් පුරුදු වී සිටි. එමෙන්ම බේකර්ස් ඇල්ලේ ජලයද ඉතා ශ්‍රිත ස්වභාවයක් ගන්නා අතර බේකර්ස් ඇල්ල  නැරබීමට ඔබ යන්නට අදහස් කරන්නේ නම් හවස 3ට පෙර හෝර්ටන් තැන්නට යාම අනිවාර්යය වේ.








--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname