Monday, May 9, 2016

දියලුම ඇල්ල


කොස්ලන්ද සානුවේ බෑවුමකින් ඇද හැලෙන උසින් මීටර් 171 වන දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ තෙවැනි උසම දිය ඇල්ල වේ.එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි. පහලට ඇද හැලෙන දිය දහරාව නැතහොත් දිය හැල්ම දුන්හිඳ බවට පත්වී ඇත. අතීතයේදි දිය ගැලුම ඇල්ල,දිය හැලුම ඇල්ල යන නමි වලින්ද හදුන්වා ඇත.බෙරගල- වැල්ලවාය මාර්ගයේ බෙරගල හන්දියේ සිට කි.මී. 24ක් ගමන් කළ විට හො වැල්ලවාය සිට 12km හපුතලේ(කොස්ලන්ද ) දෙසට ගමන් කරන කල 124 වෙනි සැතපුම් කණුව අසල මාර්ගයට ඉතාමත් ආසන්නව දියලුම ඇල්ල හමුවේ. දියලුම දියඇල්ල කිරිඳි ඔයේ ශාඛාවක් වන පූනාගල ඔයෙන් පෝෂණය ලබයි. මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි.පසු තිස්සමහාරාමය ආසන්නයේදි මුහුදට එක්වෙයි.

 
වසර පුරාම දර්ශනීය ලෙස දිස්වෙන මෙම දියඇල්ල දේශීය සංචාරකයන්ගේ පමණක් නොව විදේශීය සංචාරකයන්ගේද නොමඳ ජනාදරයට පත්වූවකි.. ඇතමුන් තරමක් දුශ්කර මාර්ගයක් ඔස්සේ දියලුම දියඇල්ල උඩට ගමන් කරනු ලබයි. මේ ගමනේදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි. මන්දයත් සුලු අතපසු වීමකින් ඔබ ඔබේ ආදරවන්තයකු, පවුලේ කෙනෙකු නැතහොත් තවත් සංචාරකයෙක්ගේ ඉරනම තීරණය විය හැක.


දියලුම හා බැඳි ජනකථා රාශියක් පවතී. 
ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහියර් ට අනූව, පන්ති භේදය තදින් පවතින ලද අතීත කාල වකවානුවෑ ලක්දිව වාසය කරන ලද රජ කෙනෙක්, පහත් කුලයක කාන්තාවක් සමඟ ආදර සම්බන්දතාවයක් ඇතිකර ගන්නා ලදි. මේ හේතුවෙන් රජතුමාට රාජ්‍යත්වයෙන් පසු වීමට නොහැකි හෙයින් මේ දෙදෙනා පැන ගොස් සැඟවී වාසය කිරීමට තීරනය කර ඇත. ඉන් අනතුරුව අද දියලුම පවතින ස්ථානයේ ඇති පර්වතය වෙත රජතුමා නැග ගත්තද කාන්තාවට එය නැගීමට අපහසු විය. එබැවින් රජතුමා වැල් දෙකක් ගෙන තදින් ඔතා පහලට දමා එය ඔස්සේ තම ආදරණීය බිරිඳ උඩට ගැනීමට උත්සහ දරන ලදි. එනමුත් පර්වතයේ මඩ කොටසට බිසව ලඟා වෙත්ම ඇයගේ අතින් වැල්පට අතහැරුනි. පහලට ඇද වැටුනු ඇයගේ ජීවිත කතව ගල් වල එකින් එක වැදීමෙන් අවසන් විය. මෙයින් අතිශය සංවේගයට පත් රජතුමා පර්වතය මුදුනේ සිට හැඩූ කඳුලු වලින් දුන්හිඳ නම් දියඇල්ල නිර්මානය වී ඇත.ඉතාමත් මෑත අතීතයේදී ජාති ප්‍රශ්නයක් මුල් කරගෙන තරුණ ආදරවන්තයින් දෙදෙනුකගේ ජීවිත දෙකක් දුන්හිඳ මුදුනේ සිට පහලට පැනීමෙන් නරඹන්නන් රාශියකගේ ඇස් ඉදිරිපිට අවසන් වන ලඳි.





--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname