Saturday, May 7, 2016

බෝපත් ඇල්ල




බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ  රත්නපුර දිස්ථික්කයේ අගල්වත්ත නම් ග්‍රාමයේය.කළු ගගට එක්වන අතු ගගක්වු කුරු ගඟ, ඇගේ ගමන් මගේ එක් අවස්ථාවක කදු මුදුනක සිට පටු විවරයක් හරහා උසින් මීටර් 30ක්(අඩි 95) පමණ දුර කඩා හැලීමෙන් මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. හොඳින් ජලය ඇති කාලයේදී එම දිය දහර බෝ කොලයක ආකාරයෙන් කඩා හැලීම හේතුවෙන් මෙම දිය ඇල්ලට “බෝපත් ඇල්ල” යන නම ලැබී ඇත. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. 
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත
යාමට කොළඹ සිට රත්නපුර – කොළඹ ඒ 4 මාර්ගයේ එක් මාර්ගයක් හිග්ගස්හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. සමාන දුරක් ඇති මෙම ප්‍රවේශ මාර්ග දෙක ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. බෝපත්ඇල්ල පිහිටි ගම් පියස අඟලවත්ත නමින් හැදින්වේ . ප්‍රධාන මාර්ගයේ සිට දුර කි.මි 03කි.

මීට දශක දෙක තුනකට පෙර වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමානයේ බෝපත් ඇල්ල විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.එයට හේතු වශයෙන් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටීමත් ඉතා ඉක්මනින් ලගාවිය හැකි නිදහස් සුන්දර වටා පිටාවක් ඇති ස්ථානයක් වීම විය හැක.
බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. රත්නපුර සමන් දේවාලය වැදපුදා ගැණිමට පැමිණි පුරාණ පාලකයෝ බෝපත් ඇල්ලෙන් දිය නා පිරිසුදුව දේවාලයට ගිය බව පුරාවෘත්තයනට එක් වී ඇත. පැරන්නේ සිට පැවත එන තවත් කතාවක් වන්නේ පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනසා ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව කි . තවත් සුප්‍රසිද්ධ මිත්‍යා විස්වාසයක් වන්නේ මෙම දිය ඇල්ල ඇතුල් පැත්තේ නිධානයතක් ඇති බවටත් එය දිය ඇල්ලෙන් හා අත්භුත ආත්මයකින් ආරක්ෂා වන බවටත් එම නිධානය ලබා ගැනීමට මිනිසුන් දහසක බිලි පූජාවක් කල යුතු බවටත්.
මතුපිටින් පවතින සුන්දර බවට අමතරව බියකරු, අනතුරු සහිත ස්වභාවයක් ද මෙම ඇල්ල ආශ්‍රිව පවතී. අපරික්ෂාකාරීව ඇල්ලේ බෑවුම දිගේ ඉහළට නැගීමට ගොස් හා වෙනත් හේතූන් නිසා මේ වන විට 80 කට වැඩි පිරිසක් මෙහිදී මරණයට පත්වී ඇත. නුහුරු නුපුරුදු තැනක අපරීක්‍ෂාකාරීව හැසිරීමත් මත්පැන් පානය කර වැඩ පෙන්නන්න යාමත් මෙම මරණවලට ප්‍රධාණම හේතුවසි.

කුරුවිට ප්‍රාදේශීය සභාව විසින් දිය ඇල්ල ආශ්‍රිතව රථ ගාලක්, නැරඹුම් ප්‍රදේශයක් හා වැසිකිලි සංකීර්ණයක් ඉදි කර ඇත. එමෙන්ම ඇතුල් වීම සඳහා රුපියල් 5 ක මුදලක් ද අය කරනු ලැබේ. මීට අමතරව පෞද්ගලික ආයතන විසින් පවත්වා ගෙන යන නේවාසික පහසුකම් සහිත විවේකාගාර කිහිපයක් ද ඇත.

බෝපත් ඇල්ල නැරඹීමට එන විශාල ජනතාවත්, ඔවුන් පරිසරයට බැහැර කරන පොලිතීන්, බෝතල් කටු හා නොයෙකුත් ආහාරමය අපද්‍රව්‍ය හේතුවෙන් අවට පරිසරයේ සෞන්දර්යාත්මක බවට දැඩි ලෙස හානි සිදුවේ.
...
--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname