Thursday, May 5, 2016

සිනා සිසී බලන අඬාවැටෙන ඇල්ල


සිංහරාජ වනාන්තරයට අයත් බෙරලිය මූකළාන නම් වන රක්‍ෂිතය තුළ තමයි මේ අඬාවැටෙන ඇල්ල පිහිටලා තියෙන්නේ. අඩි 35 ක් විතර උස මේ දිය ඇල්ල ලංකාවේ අනිකුත් දිට ඇලි වගේ මුහුදු මට්ටමට ගොඩාක් උසින් නෙවෙයි තියෙන්නේ. මුහුදු මට්ටමට ඉතා සමීපයෙන්. මට නම් හිතෙන්නෙ මුහුදු මට්ටමට මේ තරම් සමීප දිය ඇල්ලක් තවත් නෑ වගේ කොහේවත්.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් ඇල්පිටියට දාල එතැනින් පිටුවල කියන ගමට ආවම මේ දිය ඇල්ල නරඹන්න යන්න පුළුවන්.වාහනයෙන් බැහැලා බෙරලිය ගස් වැවිච්ච කැලයක් මැදින් ඇවිදගෙන යන්න තියෙන්නේ.ඊට පස්සේ ඇල්ලේ වතුර එන දොල පාර මුණගැහෙනවා ඒ දොළ පාර
දිගේ ඉහළට ගියාම මේ සුන්දර දිය ඇල්ල දකින්න පුළුවන්.
අනික් දිය ඇලි සමාන්‍යයෙන් අපි දකින්නේ එකට පහලට වැටෙනවා. ඒත් මේ අඬා වැටෙන් ඇල්ල දිය ඇළි තුනක් විදිහට දිය දහරා තුනකට බෙදිලා තමයි පහලට වැටෙන්නේ.බොහෝ වෙලාවට ගොඩාක් දිය ඇලි වල තියෙන්නේ නාන තටාකය නැත්තම් නාන්න පුළුවන් තැනක් තියෙන්නේ දිය ඇල්ලෙන් පහල වුණාට මේ දිය ඇල්ලේ මුදුනේ තමයි නාන තටාකය තියෙන්නේ.ඒ කියන්නේ දිය ඇල්ල පටං ගන්න කලින්.
නාන තටාකය හැදිලා තියෙන්නේ ස්වාභාවිකවම. ඒ නිසා වැඩිය ගැඹුරු නෑ.ආරක්ෂිතයි. හැබැයි දිය ඇල්ල වැටෙන කිට්ටුවට එන්නේ නැතුව නාගන්න ඕන. එතන්ට ආවොත් අවධානමක් තියෙනවා.වට පිටාවේ තියෙන දැවැන්ත ගහ කොළ නිසා පුදුම තරම් සීතල වතුර ටිකක් නිදහසේ නාගන්න පුළුවන්
මේ දිය ඇල්ල සංරක්ෂනයට නම් ලබාදීල තියෙන අවධානය හොඳටම මදි.තැන තැන දාපු පොලිතින් , ‍ හිස් බෝතල් නිසා පරිසරය අපවිත්‍ර වෙලා. මේ දිය ඇල්ලට එන සමහර පාරවල් වතු අයිතිකාරයෝ විසින් වහලා දාලා කියලා මඟදි හමුවුන ගැමියෙක් කිව්වා. සති අන්ත වල පිටින් එන අය නිසා ගම්මුන්ටත් කරදරයි කියලයි එයාල නම් කියන්නේ. මේ නිසා මේක කියවලා එහේ යනව නම් නාන්න , අපේ අතින් ඒ වැරැද්ද නොවෙන්න අපි වැඩ කළා නම් ඉවරයි.
කොහොම වුන්ත සති අන්තෙක ගිහින් එන්න හරිම ලස්සන තැනක් මේක.
ඡායාරූප – චමිංග දිසානායක
www.awidimu.com
--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname