Sunday, May 8, 2016

දූන්හිද සුකුමලීය


බදුල්ල මහියංගනය මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ දුරක් ගමන් කළ පසුව දූන්හිද හන්දිය හමුවෙයි.මෙම හන්දිය අසල අඩි පාරක් ඇති අතර ඒ අඩිපාර දිගේ ගමන් කිරීමෙන් දුන්හිද ඇල්ල දැක ගත හැකිය. හෙට්ටිපොල කදුවැටියෙන් ගලාහැලෙන බදුලුඔයෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වෙයි. දෑනට ගනන් බලා ඇති අන්දමට මෙම දියඇල්ල අඩි 210 එනම් මීටර 64 ආසන්න ප්‍රමානයක් උසින් යුක්ත වෙනවා. එහි දුම් දමන ආකාරයට ඇතිවන්නාවූ මිදුම් සහිත පටලය නිසා එයට දුන්හිද ලෙස නම ලෑබුනු බවට සදහන් වේ. බදුලු ඔයට විශාල ජල ධාරිතාවයක් එකතු වෙන කාලයන්ගේ මෙහි ප්‍රබලත්වය එය නරබන්න පෑමිනෙන ඔබට ඉතාමත් හොදින් දෑක ගත හෑක.
 සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිද ඇල්ල නරඹීම නම් එතරම් පහසු වන්නේ නැත. කිලෝමීටරයක් පමණ දුරක්  ගෙවා දමමින් පාගමනින්ම තරමක්
අපහසු මාර්ගයක් ඔස්සේ ඇල්ල අසලට ගමන් කලයුතුය. දුන්හිද ඇල්ලට ගමන් අරබා ටික දුරක් ගෙවා දැමූ පසු ඈතින් පිහිටි තවත් කුඩා දිය ඇල්ලක් දැක ගත හැකි අතර මෙම දිය ඇල්ල කුඩා දුන්හිද ඇල්ල ලෙස හදුන්වයි
 කොතරම් දුරක් ගෙවා දමා අපහසු මාර්ගයක් ඔස්සේ ගමන් කලද දිය ඇල්ල අසලට ගමන් කළවිට ගමන් වෙහෙස නොදැනෙන්නේ දිය ඇල්ලේ සුන්දරත්වය නිසාමය. දුන්හිද ඇල්ල කරා පිය මනින අතර තුරදී මාර්ගය දෙපස බෙලිමල් හා හකුරු වීදුරුවක රස බැලීමද බොහෝ සංචාරකයන් අමතක නොකරයි. දුන්හිද ඇල්ල අසල නරඹන්නන්ගේ අරක්ෂාවට ඉදිකර ඇති ආරක්ෂක වැට අසලින් දකුණු පසින් පහලට බැස යාමට තරමක අපහසු කුඩා අඩි පාරක් ඇත. මෙම අඩි පාර ඔස්සේ ගමන් කර පහලට බැස දිය ඇල්ලේ සැබෑම සුන්දරත්වය දැක ගත හැකිය.
දුන්හිද ඇල්ල හා බැදුණු ජනප්‍රවාද රැසක් පවතී.ඇල්ල අසල ජීවත් වන ජනතාව වසරකට වරක් බක් මහේ අග බාගයේදී ගලේ බණ්ඩාර දෙවියන්ට පූජා පැවැත්වීමට පුරුදුවී සිටිති. 



--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname