Monday, May 9, 2016

රාවණා ඇල්ල (බඹරගම ඇල්ල)


කොළඹ සිට කිලෝමීටර 220කට ආසන්න දුරකින් අතර මැදි දේශගුණික කලාපයක පිහිටි ඌව පළාත තුල ඇල්ල නගරය පිහිටා ඇත. ඇල්ල පාමුල සිට බැලූ කල්හි කඳු මුදුන් දෙකක් මධ්‍යයෙන් පැමිණ එක්වරම කඩා හැලෙන ජල කඳ සහ ප‍්‍රධාන ශෛල ස්ථර තුනකින් පැනවිත් ද්විතීයික ඇල්ල දක්වා ගලා එන අයුරු හොඳින් දිස්වේ. එතැන් සිට හතරවන ශෛල ස්ථරය මතින් රූටා ගොස් කිරිඳි ඔය සොයා යන රාවණා ඇල්ල උසින් මීටර 25 (අඩි 82) ලෙසට ගණන් බලා ඇත.
දිය ඇල්ල අවට ඇති ඉහල ආර්ද්‍රතාවය

ඩෙවෝන් ඇල්ල


 උසින් මීටර 87ක් වන මෙම සුන්දර ඩෙවෝන් ඇල්ල ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්රිය දිය ඇල්ලකි.  හැටන් නුවර එලිය මාර්ගය භාවිතා කරන ඕනෑම කෙනෙකුට මෙම අලංකාර ඇල්ලේ අසිරිය විදගත හැකිය. දිඹුල නම් ප්‍රදේශයේදී ඇල්ලේ අසිරිය විදගැනීම සදහා වෙනමම ස්ථානයක් ඉදිකොට ඇති අතර එහි වාහන නැවැත්වීමේ පහසුකම්ද සපයාදී ඇත.එහිම පාරේ අනික් පසින් ප්‍රසිද්ද Mlesna තේ අවන්හලක් පිහිටා ඇති අතර එහිදී ඔබට නැවුම් තේ කෝප්පයක පහස විදගැනීමටද අවස්ථාවක් සලසා දී ඇත. එමනිසාම හැටන් - නුවර එලිය මාර්ගය භාවිතා කරන බොහෝ පිරිසක් මෙම ස්ථානයේ මදකට නතර වී ගමන් විඩාව මගහරවා ගැනීමට අමතක නොකරයි..

දියලුම ඇල්ල


කොස්ලන්ද සානුවේ බෑවුමකින් ඇද හැලෙන උසින් මීටර් 171 වන දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ තෙවැනි උසම දිය ඇල්ල වේ.එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි. පහලට ඇද හැලෙන දිය දහරාව නැතහොත් දිය හැල්ම දුන්හිඳ බවට පත්වී ඇත. අතීතයේදි දිය ගැලුම ඇල්ල,දිය හැලුම ඇල්ල යන නමි වලින්ද හදුන්වා ඇත.බෙරගල- වැල්ලවාය මාර්ගයේ බෙරගල හන්දියේ සිට කි.මී. 24ක් ගමන් කළ විට හො වැල්ලවාය සිට 12km හපුතලේ(කොස්ලන්ද ) දෙසට ගමන් කරන කල 124 වෙනි සැතපුම් කණුව අසල මාර්ගයට ඉතාමත් ආසන්නව දියලුම ඇල්ල හමුවේ. දියලුම දියඇල්ල කිරිඳි ඔයේ ශාඛාවක් වන පූනාගල ඔයෙන් පෝෂණය ලබයි. මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි.පසු තිස්සමහාරාමය ආසන්නයේදි මුහුදට එක්වෙයි.

Sunday, May 8, 2016

සාන්ත ක්ලෙයාර් ඇල්ල




Height :80 meters
District :Nuwara Eliya


Most conveniently seen by the travelers on Hatton – Talawakelle Road, the twin waterfalls of St.Clairs cascades over three rock outcrops into a massive pool. The beautiful and most popular fall, located among tea gardens, carries a large volume of water, and is the widest waterfall in the country. The fall is situated over 500 m. away from the road, and one needs to walk down among the tea bushes at a steep gradient in order to reach it.
Located on the Kotmale Oya, this fall will be affected by the proposed Upper Kotmale Hydro Power Project, but for the benefit of the public a limited quantity of water will be released to prevent complete disappearance of the fall. Downstream to the main fall is a second waterfall of 50 m in height called Kuda Ella, which is best visible at the curve near 90 km post. At this point, though far, complete fall of St. Clairs is visible including the last section that was partly hidden.
St Claire’s Falls waterfall will be one of the most effected waterfalls and the Government has ordered relevant authorities that enough water will be released so that the St. Clair’s waterfall will maintain a continuous flow of 47,250 m3 (1,668,618 cu ft) of water for 10 hours and 30 minutes daily, between sunrise and sunset. But the water has dwindled to such an extent that it has lost all its glory now.
--
...

රම්බොඩ ඇල්ල (පූනා ඇල්ල)



ලංකාවේ උසින් 11 වන ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වන ස්ථානය හිමි කරගනී.

මෙම දිය ඇල්ල නැරඹීමට නම් පේරාදෙණියේ සිට පැමිණෙන්නෙකු රම්බොඩ නව උමං මාර්ගය ආරම්භ වන ස්ථානයෙන් පහළට ඇති මාර්ගයේ ගොස් " Ramboda Falls " හෝටලය තුලට පැමිණ රම්බොඩ ඇල්ල ඉතා පහසුවෙන් නැරඹිය හැක.( නමුත් ඒ සඳහා හෝටල් කාර්ය මණ්ඩලයෙන් අවසර ගත යුතු වේ.)

දූන්හිද සුකුමලීය


බදුල්ල මහියංගනය මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ දුරක් ගමන් කළ පසුව දූන්හිද හන්දිය හමුවෙයි.මෙම හන්දිය අසල අඩි පාරක් ඇති අතර ඒ අඩිපාර දිගේ ගමන් කිරීමෙන් දුන්හිද ඇල්ල දැක ගත හැකිය. හෙට්ටිපොල කදුවැටියෙන් ගලාහැලෙන බදුලුඔයෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වෙයි. දෑනට ගනන් බලා ඇති අන්දමට මෙම දියඇල්ල අඩි 210 එනම් මීටර 64 ආසන්න ප්‍රමානයක් උසින් යුක්ත වෙනවා. එහි දුම් දමන ආකාරයට ඇතිවන්නාවූ මිදුම් සහිත පටලය නිසා එයට දුන්හිද ලෙස නම ලෑබුනු බවට සදහන් වේ. බදුලු ඔයට විශාල ජල ධාරිතාවයක් එකතු වෙන කාලයන්ගේ මෙහි ප්‍රබලත්වය එය නරබන්න පෑමිනෙන ඔබට ඉතාමත් හොදින් දෑක ගත හෑක.
 සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිද ඇල්ල නරඹීම නම් එතරම් පහසු වන්නේ නැත. කිලෝමීටරයක් පමණ දුරක්  ගෙවා දමමින් පාගමනින්ම තරමක්

Saturday, May 7, 2016

බෝපත් ඇල්ල




බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ  රත්නපුර දිස්ථික්කයේ අගල්වත්ත නම් ග්‍රාමයේය.කළු ගගට එක්වන අතු ගගක්වු කුරු ගඟ, ඇගේ ගමන් මගේ එක් අවස්ථාවක කදු මුදුනක සිට පටු විවරයක් හරහා උසින් මීටර් 30ක්(අඩි 95) පමණ දුර කඩා හැලීමෙන් මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. හොඳින් ජලය ඇති කාලයේදී එම දිය දහර බෝ කොලයක ආකාරයෙන් කඩා හැලීම හේතුවෙන් මෙම දිය ඇල්ලට “බෝපත් ඇල්ල” යන නම ලැබී ඇත. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. 
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත

ලංකාවේ උසම දියඇල්ල - බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල)



ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ඇල්ලේ (බඹරකැලේ ඇල්ල) උස 263 මීටර (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කොට්ඨාශයේ කළුපහන ප්‍රදේශයේ පිහිටා අැත. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ.

බලංගොඩ – බෙරගල මාර්ගයේ (A4) මාර්ගයේ කළුපහන කියන ස්ථානයෙන් වීරකෝන්ගම හරහා මාර්ගයේ බඹරකන්දට කි.මි. 5 ක් දුරයි. මාර්ගය පටු වුනත් ඇල්ල ආසන්නයටම යන්නට පුළුවන්. ඇල්ල පාමුළටම යන්නට නම් පා ගමනින් තවත් කිලෝ මීටරයකට පොඩ්ඩක් විතර අඩුවෙන් යන්නට ඕනි.

වීරකෝන්ගම තියෙන්නේ

Friday, May 6, 2016

ආඩම්බර ඇලිදෝනා (ඇබර්ඩීන් ඇල්ල)


සංචාරකයන් වැඩි දෙනෙක් ගේ කතාබහට ලක්නොවන මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ කෙහෙල්ගමුව කඳු පන්තියට වන්නටය. මෙම ඇල්ල නැරඹීමට මාර්ග කිහිපයක් භාවිත කල හැක.ඔබට මස්කෙළිය -දෙහිගස්තෙන මාර්ගය ඔස්සේ ගොස් තවත් 2 Km ක තරමක දුෂ්කර ගමනක් ඇත.නැතිනම් ගිනිගත්හේන නගරයෙන් ඇල්ල උඩ මාර්ගයේ යන යනවිට හුලන්වන්ගුව අසලදී ඇලගල ග්‍රාමය සමීපවත්ම සුන්දර ඇබර්ඩීන් ඇල්ල දුර සිට දර්ශනය වේ. අඩි 32ක උසින් යුත් ඇබර්ඩීන් දියඇල්ලට ලංකාවේ උසින් වැඩිම දියඇලි ලැයිස්තුවේ හිමිවන්නේ 18 වැනි ස්ථානය. කැලණි ගඟේ අතු

දියට නොබසින අයත් බිලිගන්නා අහුපිනි ඇල්ල


The 30m fall forms part of the Maha River that originates from both sides of the Raksawa mountains, and is itself 570m above sea level. The upper area of the fall winds through an area known as Uda Palatha, upstream of which is the Divisional Secretary’s Uduwella GS area, in the backdrop of Apalawatte Pallegama village.
Ahupini / Asupini Ella Falls

අලකොල ඇල්ල (තාලිය වැටුනු ඇල්ල)

නුවරඑළිය දිස්ත්රික්කයේ හඟුරන්කෙත ප්රදේශයේ පිහිටා ඇති අතර ළඟම ඇති නගරය නුවරඑළිය වේඋඩුපුද්දලැව-නුවර මාර්ගයේ කිලෝමීටර 7ක් පමණ ගමන්කල විට හමුවන එරමුතුකැලේ නම් ස්ථනයේ ඇති කෝවිලක් අසලින් ඇල්ල දක්වාවූ මාර්ගය වැටි තිබේ. 
මීටර 60ක් පමණ වන මෙම දිය ඇල්ලෙහි කිසිදු ඡායාරූපයක් වෙබ් අඩවියකින් ලබා ගත නොහැක.  LCWF වෙබ් අඩවියට අනුව අලකොල ඇල්ල රථ වාහන මගින් ප්රවේශ විය නමුත් අවාසනාවකට මෙන් උපදෙස් දී හඳුනා  ගත් නගර කිසිවෙක් සිතියම මත සළකුණු කොට නැත.

බේකර්ස් ඇල්ල (ගෝනගල ඇල්ල)


නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හෝර්ටන් තැන්නේ පිහිටා ඇති ඉමහත් ප්‍රසිද්ධ දියඇල්ලකී. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක දුරින් බේකර්ස් දිය ඇල්ල පිහිටා ඇත. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමට ඔහිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 13 1/2 කී. එසේම පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 14 කී. හෝර්ටන් තැන්නේ ආරම්භක ස්ථානයේ සිට කිලෝමීටර 3ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල දැකගත හැකි වන අතර හෝර්ටන් තැන්න ආරම්භක ස්ථානයේ සිට පුංචි ලෝකාන්තය හරහා ගියහොත් කිලෝමීටර 7ක් පමණ ගිය විට බේකර්ස් ඇල්ල දැකගත හැක.


බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ. මෙම දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර්ස් ගේ නාමයෙන් නම් කර ඇත්තේ මෙම දිය ඇල්ල ඔහු විසින් 1845 වර්ෂයේදී 

Thursday, May 5, 2016

සිනා සිසී බලන අඬාවැටෙන ඇල්ල


සිංහරාජ වනාන්තරයට අයත් බෙරලිය මූකළාන නම් වන රක්‍ෂිතය තුළ තමයි මේ අඬාවැටෙන ඇල්ල පිහිටලා තියෙන්නේ. අඩි 35 ක් විතර උස මේ දිය ඇල්ල ලංකාවේ අනිකුත් දිට ඇලි වගේ මුහුදු මට්ටමට ගොඩාක් උසින් නෙවෙයි තියෙන්නේ. මුහුදු මට්ටමට ඉතා සමීපයෙන්. මට නම් හිතෙන්නෙ මුහුදු මට්ටමට මේ තරම් සමීප දිය ඇල්ලක් තවත් නෑ වගේ කොහේවත්.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් ඇල්පිටියට දාල එතැනින් පිටුවල කියන ගමට ආවම මේ දිය ඇල්ල නරඹන්න යන්න පුළුවන්.වාහනයෙන් බැහැලා බෙරලිය ගස් වැවිච්ච කැලයක් මැදින් ඇවිදගෙන යන්න තියෙන්නේ.ඊට පස්සේ ඇල්ලේ වතුර එන දොල පාර මුණගැහෙනවා ඒ දොළ පාර

Comments System

Disqus Shortname