Monday, May 9, 2016

රාවණා ඇල්ල (බඹරගම ඇල්ල)


කොළඹ සිට කිලෝමීටර 220කට ආසන්න දුරකින් අතර මැදි දේශගුණික කලාපයක පිහිටි ඌව පළාත තුල ඇල්ල නගරය පිහිටා ඇත. ඇල්ල පාමුල සිට බැලූ කල්හි කඳු මුදුන් දෙකක් මධ්‍යයෙන් පැමිණ එක්වරම කඩා හැලෙන ජල කඳ සහ ප‍්‍රධාන ශෛල ස්ථර තුනකින් පැනවිත් ද්විතීයික ඇල්ල දක්වා ගලා එන අයුරු හොඳින් දිස්වේ. එතැන් සිට හතරවන ශෛල ස්ථරය මතින් රූටා ගොස් කිරිඳි ඔය සොයා යන රාවණා ඇල්ල උසින් මීටර 25 (අඩි 82) ලෙසට ගණන් බලා ඇත.
දිය ඇල්ල අවට ඇති ඉහල ආර්ද්‍රතාවය
නිසාවෙන් ගල් කුළු දෙකෙහිම ඝණ වනාන්තරීය ස්වරූපයක් පවතින අතර දකුණු පස වූ ගල් කුල ඔස්සේ දිය ඇල්ලට සමාන්තරව එහි තෙවන ශෛල ස්ථරයෙහි ආරම්භය තෙක් දිවෙන පටු මංපෙතක් පිහිටා ඇත.
වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල පරාසය තුල ඇද හැලෙන නිරිත දිග මෝසම් වර්ෂාව හැරුණු කොට රාවණා ඇල්ලෙහි සැඩ පහර වර්ධනය කරනුයේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වන කාල පරාසයෙහි ඇද හැලෙන අන්තර් මෝසම් වර්ෂාව පමණි. කෙසේ වෙතත් සෑම වසරකම පාහේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන් හිදී ඇතිවන වියළි කාළගුණික තත්ත්ව නිසාවෙන් රාවණා ඇල්ලෙහි ජල පහර නිරන්තයෙන් අවම මට්ටමක පවතී.   
ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල අසලම රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා. රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්.
ඇල්ල අසලම පාලමක් පිහිටලා තියෙනවා. පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්. ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් වගේම කෑම බීමත් මේ ස්ථානයේ තියෙනවා.
සමහර සංචාරකයන් ඇල්ල තරණය කරන්නත් උත්සහ කරනවා. එසේ කිරීමට යාමෙන් අනතුරු කිහිපයක්ම සිද්ධවෙලා තියනවා. ඒ වගේ දේවල් නොකර ඇල්ලේ සුන්දරත්වය නරඹලා එන්න කියලාත් කියන්න කැමතියි.

--
...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname