Saturday, May 7, 2016

බෝපත් ඇල්ල




බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ  රත්නපුර දිස්ථික්කයේ අගල්වත්ත නම් ග්‍රාමයේය.කළු ගගට එක්වන අතු ගගක්වු කුරු ගඟ, ඇගේ ගමන් මගේ එක් අවස්ථාවක කදු මුදුනක සිට පටු විවරයක් හරහා උසින් මීටර් 30ක්(අඩි 95) පමණ දුර කඩා හැලීමෙන් මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. හොඳින් ජලය ඇති කාලයේදී එම දිය දහර බෝ කොලයක ආකාරයෙන් කඩා හැලීම හේතුවෙන් මෙම දිය ඇල්ලට “බෝපත් ඇල්ල” යන නම ලැබී ඇත. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. 
බෝපත් ඇල්ල අද දේශීය සංචාරකයන්ගේ අවධාණය ලබාගත් සුන්දර ස්ථානයකි බෝපත් ඇල්ල වෙත

ලංකාවේ උසම දියඇල්ල - බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල)



ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ඇල්ලේ (බඹරකැලේ ඇල්ල) උස 263 මීටර (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කොට්ඨාශයේ කළුපහන ප්‍රදේශයේ පිහිටා අැත. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ.

බලංගොඩ – බෙරගල මාර්ගයේ (A4) මාර්ගයේ කළුපහන කියන ස්ථානයෙන් වීරකෝන්ගම හරහා මාර්ගයේ බඹරකන්දට කි.මි. 5 ක් දුරයි. මාර්ගය පටු වුනත් ඇල්ල ආසන්නයටම යන්නට පුළුවන්. ඇල්ල පාමුළටම යන්නට නම් පා ගමනින් තවත් කිලෝ මීටරයකට පොඩ්ඩක් විතර අඩුවෙන් යන්නට ඕනි.

වීරකෝන්ගම තියෙන්නේ

Friday, May 6, 2016

ආඩම්බර ඇලිදෝනා (ඇබර්ඩීන් ඇල්ල)


සංචාරකයන් වැඩි දෙනෙක් ගේ කතාබහට ලක්නොවන මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ කෙහෙල්ගමුව කඳු පන්තියට වන්නටය. මෙම ඇල්ල නැරඹීමට මාර්ග කිහිපයක් භාවිත කල හැක.ඔබට මස්කෙළිය -දෙහිගස්තෙන මාර්ගය ඔස්සේ ගොස් තවත් 2 Km ක තරමක දුෂ්කර ගමනක් ඇත.නැතිනම් ගිනිගත්හේන නගරයෙන් ඇල්ල උඩ මාර්ගයේ යන යනවිට හුලන්වන්ගුව අසලදී ඇලගල ග්‍රාමය සමීපවත්ම සුන්දර ඇබර්ඩීන් ඇල්ල දුර සිට දර්ශනය වේ. අඩි 32ක උසින් යුත් ඇබර්ඩීන් දියඇල්ලට ලංකාවේ උසින් වැඩිම දියඇලි ලැයිස්තුවේ හිමිවන්නේ 18 වැනි ස්ථානය. කැලණි ගඟේ අතු

දියට නොබසින අයත් බිලිගන්නා අහුපිනි ඇල්ල


The 30m fall forms part of the Maha River that originates from both sides of the Raksawa mountains, and is itself 570m above sea level. The upper area of the fall winds through an area known as Uda Palatha, upstream of which is the Divisional Secretary’s Uduwella GS area, in the backdrop of Apalawatte Pallegama village.
Ahupini / Asupini Ella Falls

අලකොල ඇල්ල (තාලිය වැටුනු ඇල්ල)

නුවරඑළිය දිස්ත්රික්කයේ හඟුරන්කෙත ප්රදේශයේ පිහිටා ඇති අතර ළඟම ඇති නගරය නුවරඑළිය වේඋඩුපුද්දලැව-නුවර මාර්ගයේ කිලෝමීටර 7ක් පමණ ගමන්කල විට හමුවන එරමුතුකැලේ නම් ස්ථනයේ ඇති කෝවිලක් අසලින් ඇල්ල දක්වාවූ මාර්ගය වැටි තිබේ. 
මීටර 60ක් පමණ වන මෙම දිය ඇල්ලෙහි කිසිදු ඡායාරූපයක් වෙබ් අඩවියකින් ලබා ගත නොහැක.  LCWF වෙබ් අඩවියට අනුව අලකොල ඇල්ල රථ වාහන මගින් ප්රවේශ විය නමුත් අවාසනාවකට මෙන් උපදෙස් දී හඳුනා  ගත් නගර කිසිවෙක් සිතියම මත සළකුණු කොට නැත.

බේකර්ස් ඇල්ල (ගෝනගල ඇල්ල)


නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හෝර්ටන් තැන්නේ පිහිටා ඇති ඉමහත් ප්‍රසිද්ධ දියඇල්ලකී. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක දුරින් බේකර්ස් දිය ඇල්ල පිහිටා ඇත. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමට ඔහිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 13 1/2 කී. එසේම පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 14 කී. හෝර්ටන් තැන්නේ ආරම්භක ස්ථානයේ සිට කිලෝමීටර 3ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල දැකගත හැකි වන අතර හෝර්ටන් තැන්න ආරම්භක ස්ථානයේ සිට පුංචි ලෝකාන්තය හරහා ගියහොත් කිලෝමීටර 7ක් පමණ ගිය විට බේකර්ස් ඇල්ල දැකගත හැක.


බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ. මෙම දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර්ස් ගේ නාමයෙන් නම් කර ඇත්තේ මෙම දිය ඇල්ල ඔහු විසින් 1845 වර්ෂයේදී 

Thursday, May 5, 2016

සිනා සිසී බලන අඬාවැටෙන ඇල්ල


සිංහරාජ වනාන්තරයට අයත් බෙරලිය මූකළාන නම් වන රක්‍ෂිතය තුළ තමයි මේ අඬාවැටෙන ඇල්ල පිහිටලා තියෙන්නේ. අඩි 35 ක් විතර උස මේ දිය ඇල්ල ලංකාවේ අනිකුත් දිට ඇලි වගේ මුහුදු මට්ටමට ගොඩාක් උසින් නෙවෙයි තියෙන්නේ. මුහුදු මට්ටමට ඉතා සමීපයෙන්. මට නම් හිතෙන්නෙ මුහුදු මට්ටමට මේ තරම් සමීප දිය ඇල්ලක් තවත් නෑ වගේ කොහේවත්.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් ඇල්පිටියට දාල එතැනින් පිටුවල කියන ගමට ආවම මේ දිය ඇල්ල නරඹන්න යන්න පුළුවන්.වාහනයෙන් බැහැලා බෙරලිය ගස් වැවිච්ච කැලයක් මැදින් ඇවිදගෙන යන්න තියෙන්නේ.ඊට පස්සේ ඇල්ලේ වතුර එන දොල පාර මුණගැහෙනවා ඒ දොළ පාර

Comments System

Disqus Shortname