Saturday, May 7, 2016

ලංකාවේ උසම දියඇල්ල - බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල)



ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ඇල්ලේ (බඹරකැලේ ඇල්ල) උස 263 මීටර (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කොට්ඨාශයේ කළුපහන ප්‍රදේශයේ පිහිටා අැත. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ.

බලංගොඩ – බෙරගල මාර්ගයේ (A4) මාර්ගයේ කළුපහන කියන ස්ථානයෙන් වීරකෝන්ගම හරහා මාර්ගයේ බඹරකන්දට කි.මි. 5 ක් දුරයි. මාර්ගය පටු වුනත් ඇල්ල ආසන්නයටම යන්නට පුළුවන්. ඇල්ල පාමුළටම යන්නට නම් පා ගමනින් තවත් කිලෝ මීටරයකට පොඩ්ඩක් විතර අඩුවෙන් යන්නට ඕනි.

වීරකෝන්ගම තියෙන්නේ
බදුල්ල දිස්ත්‍රික්කයේ වුනාට එය සබරගමුව දිස්ත්‍රික්කයේ මායිමටත් ඉතාමත් ආසන්නයි. බලංගොඩ පඹහීන්නේ සිට බෙරගල ට යනකොට පාරේ වම් අත පැත්තේ දැවැන්ත කදු ශිඛර ගණනාවක් හමුවෙනවා. නන්පේරියල්වත්ත, හිරිගඩු ඔය, ඉදල්ගස්හීන්න, හපුතලේ, වගේ ලංකාවේ සුන්දරම තැන්වලට මේ මාර්ගයේ සිට ගමන් කරන්න පුළුවන්.

බඹරකන්ද දිය ඇල්ල නිර්මාණය වෙන්නේ වළවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔය නිසයි. වීරකෝන්ගම ලංකාවේ සාම්ප්‍ර‍දායික ගමක්. එළවළු වගාවෙන් විතරයක් නොවෙයි කන්න ක්‍රමයක් නැතිව වුනත් වී වගා කරන්න තරම් වතුර තියෙන ප්‍රදේශයක්. ඒ නිසාම බත බුලතින් ස්වයංපෝෂිතයි. නිදහසින් පස්සේ යුගයක මේ කලාපයේ ෆයින් ගස් වගා කළා. ඒ නිසා දැන් බඹරකන්ද තියෙන්නේ ෆයින් වගාවත් මැද යි. නමුත් ඒ දක්වා යන මාර්ගය අතිශයින් සුන්දර වගා බිම් මතින් වැටී තිබෙනවා. දිය නාන්න ඉතාමත් සුදුසු තැන් ගණනාවක් මේ මාර්ගයේ වැටී තිබෙනවා. ලංකාවේ ඉතාමත් පිරිසිදු ජලය මේ ගංගා ඇළ දොළ දිගේ ගලා හැලෙනවා.

බඹරකන්ද මුදුනේ තවත් පුංචි දිය ඇල්ලක් තිබෙනවා. එතැන ඉතාමත් අපූරු කණ්ඩියක් සහිතව තිබෙන ඇල්ල හදුන්වන්නේ ‘ලංකා ඇල්ල‘ නමින්. ඒ, දිය ඇල්ලෙන් වැටෙන වතුර රැගෙන බේසමක් වැනි ස්ථානය ලංකාවේ හැඩය ගන්නා නිසයි. වීරකෝන්ගම හරහා ම බඔරකන්ද මුදුනේ දිය ඇල්ලට යන්න පුළුවන්. ඉතාමත් සුන්දර තරමක් දුෂ්කර ගමනක්. කියන්න තරම් අනාරක්ෂිත බවක් නැති නිසාම මේ ස්ථානයට දැන් දැන් සැලකිය යුතු තරුණ තරුණියන් පිරිසක් පා ගමනින් පැමිණෙනවා.

ඌව පළාත් සභාව ඇල්ල බලන්නට එය අයගෙන් සුළු මුදලක් අය කරනවා. ඇල්ල දක්වා යන මාර්ගය නඩත්තු කරන්නට වගේම පිරිසිදු කරන්නටත් එමගින් දායකත්වයක් ලැබෙනවා. දැන් මේ ස්ථානයේ ස්ථාවර නැරඹුම් මධ්‍යස්ථානයක් තිබෙනවා. පඩිපෙළක් සාදා තිබෙන නිසා වැඩිහිටියන්ට වුනත් පහසුවෙන්ම මෙම ස්ථානයට ලගා වෙන්නට පුළුවන්.

පරිසරය ආශ්‍රීතව සංචාරයේ යෙදන පුද්ගලයින්ට බොහෝ විට ලැබෙන උපදෙසක් තමයි මතකයන් සහ පා සලකුණු පමණක් ඉතිරි කර ගන්න කියන එක.



--
...

3 comments:

  1. බඹ්බා ඇල්ලට අතීතයේදී දුල්තොට ඇල්ල කියලා කියලා තියෙනවා

    ReplyDelete
  2. බඹරකන්ද මුදුනේ තවත් පුංචි දිය ඇල්ලක් තිබෙනවා. එතැන ඉතාමත් අපූරු කණ්ඩියක් සහිතව තිබෙන ඇල්ල හදුන්වන්නේ ‘ලංකා ඇල්ල‘ නමින්

    මෙතනදී ඔයාලා වැරදි, බඹරකන්ද දිය ඇල්ල උඩ තව දිය ඇල්ලක් තියෙනවා තමයි! ඒත් ඒකට නමක් නැහැ, ඒක හරහා තමයි ඹබරකන්ද ඇල්ල මුදුනින් පහළට වතුර වැටෙන්නේ, ඒක පහළට පෙනෙන්නේ නෑ,

    ඒ වගේම, ඔයාලා කියනවා වගේ ලංකා ඇල්ල කියලා ඇල්ලක් තියෙනවා, ඒක බඹරකන්ද ඇල්ල පාමුල නරඹන ස්ථානයට පෙර එයට යන්න ඉතා කුඩා අඩි පාරක් හමුවෙනවා. කුඩා පුවරුවකින් නම් කරලත් තියෙනවා, ලංකා ඇල්ලට යන්න නම් බඹරකන්ද ඇල්ලෙන් වමට උඩටම නගින්න ඕනේ, කොහොම හරි බඹරකන්ද ඇල්ල බලලා යන ගමන් ලංකා ඇල්ල බලලා සීත දිය පිඩක් ස්නානය කරොත් ඒක වටිනා අත්දැකීමක් වේවි! අනිවාර්යෙන්

    ReplyDelete
  3. Emperor Casino: A Review of the Best Online Casino
    With just 20 games and 24 currencies available, Emperor Casino's kadangpintar casino หารายได้เสริม is a safe 제왕카지노 option for all. As a newcomer to the online gaming scene, you can make it

    ReplyDelete

Comments System

Disqus Shortname